අපි ගැන යමක්

1971 මැයි මස 01 දින කනිෂ්ඨ විශ්වවිද්‍යාල තුල වු පාඨමාලා රැසක් ඒකාබද්ධ කරමින් ව්‍යාපාර පිළිබඳ ජාතික ඩිප්ලෝමාව ආරම්භ කරන ලදී.මෙම පාඨමාලාව වෙනම ආයතනයක් තුල පිහිටුවිමේ අරමුණින් 1995 අංක 29 දරණ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන පනත යටතේ ශ්‍රි ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය(SLIATE) හා ඊට අනුබද්ධිත උසස් තාක්ෂණ අධ්‍යාපන(ATI) පිහිටුවනු ලදී.වර්ෂ 1995 ප්‍රථම වරට දෙහිවල උසස් තාක්ෂණ අායතනයේ ව්‍යාපාර අධ්‍යන පිළිබඳ ජාතික ඩිප්ලෝමාව ලෙස දෙහිවල උසස් තාක්ෂණ අායතනයේ ස්ථාපිත කරන ලදි.එ් වන විට සිංහල භාෂාවෙන් පැවති පාඨමාලාව 2004.09.21 දින විශේෂ රජයේ චක්‍රලේඛනයක් මඟින්  ජාතික ව්‍යපාර අධ්‍යන ඩිප්ලෝමා පඨමාලාව (NDBS),උසස් ජාතික ව්‍යාපාර අධ්‍යන ඩිප්ලෝමා පාඨමාලාව (HNDBS) බවට ප්‍රතිව්‍යුහ ගත කර ඉංග්‍රිසි භාෂාවෙන් පාඨමාලාව හැදෑරිමට කටයුතු කරන ලදි.වර්ෂ  2010 ඔක්තෝම්බර් 15 දින වර්තමානයේ ව්‍යාපාරික ලොවට ගැළපෙන පරිදි නව නිර්දේෂයක් යටතේ උසස් ජාතික ව්‍යාපාර පරිපාලන ඩිප්ලෝමා පාඨමාලාව (HNDBA) බවට  ප්‍රතිව්‍යුහ ගත කරන ලදි.

No comments:

Powered by Blogger.